මංකි පොක්ස් රටවල් 109ක පැතිරෙයි
2023 June 12- Page Views : 26 මෑතකදී ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වූ මංකිපොක්ස් වසංගත තත්ත්වය අද වන විට රටවල් 109කට ව්‍යාප්ත වෙමින්, ආසාදිතයන් බවට පත්කර ඇති බවට තහවුරු කළ පුද්ගලයන් සංඛ්‍යාව 78,000කට ආසන්න වෙමින් පවතී.
දැනට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 36ක්. පසුගියදා මෙරටින් මංකිපොක්ස් ආසාදිතයන් දෙදෙනෙක් වාර්තා වීමත් සමග සොඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙලෙස මහජනතාව වෙත දැනුම්වත් කිරීමක් සිදුකරනු ලබයි. ආසාදිත පුද්ගලයෙකු සමග ඉතා සමීප ආශ්‍රයක් මගින් නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට මෙම වෛරසය ඇතුළු විය හැකි අතර, රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල, අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිදිතිවල මෙන්ම ආසාදිතයා මෑතකදී භාවිත කළ ඇඳ ඇතිරිලි වැනි දෑවලත් වෛරසය අඩංගු විය හැකියි.
සාමාන්‍යයෙන් වෛරසය ශරීරගත වී දින 5 – 21ක කාලයකදී රෝග ලක්ෂණ පහළවීම සිදුවන අතර, සුලබ රෝග ලක්ෂණ ලෙස උණ, වසාගැටිති ඉදිමීම, මස්පිඬු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත් බව සමග ඇතිවන බිබිලි සඳහන් කළ හැකිය. සාමාන්‍යයෙන් උණ ඇති වී දින 1-3 ගත වන විට බිබිලි හටගැනීම සිදුවන අතර, ප්‍රධාන වශයෙන් මුහුණ, දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙයි. ඊට අමතරව මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්රිත ශ්ලේෂ්මලවලත් වේදනාකාරී බිබිලි/ තුවාල හටගන්නා අවස්ථා තිබේ. කෙසේ නමුත්, මීට සමාන ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් (අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක් පවත්නා නිසා, ඉහත ලක්ෂණ තිබුණද 'මංකිපොක්ස් ආසාදිතයෙක් බවට සැක කළයුතු දැයි යන්ත වෛද්‍ය උපදෙස් මත තීරණය කිරීම වඩාත් සුදුසුය. රෝගය තහවුරු කරගැනීම සඳහා විවිධ රුධිර පරීක්ෂාවන් සහ PCR පරීක්ෂණ යොදා ගනු ලැබෙනවා.
හටගත් කුෂ්ඨ සියල්ල සුව වී ඒවායින් ඇතිවන කබොලු සියල්ලද හැලී ගොස් සුව වනතෙක්ම මංකිපොක්ස් ආසාදිතයෙකුට රෝග-වාහකයෙකු වීමේ හැකියාව තිබේ. මෙය සාමාන්‍යයෙන් සති 2-4ක කාලයකින් ඉබේ සුවපත් වන (Self limiting) රෝගයක් වුවත්, ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයන්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ යම් අවදානමක් පවතී.
රෝගය වළක්වාගැනීම සදහා මෙවැනි රෝග ලක්ෂණ සහිත, තහවුරු කළ හෝ සැක සහිත පුද්ගලයන් සමග (විශේෂයෙන්ම සමට සම ස්පර්ශ වන පරිදි) සමීප ශාරීරික සබදතා පැවැත්වීමෙන් වැළකීම සහ එම පුද්ගලයා භාවිත කළ උපකරණ යනාදිය ස්පර්ශයෙන් වැළකී සිටීම නිර්දේශ කෙරේ. එමෙන්ම ඉහත කී සැකකටයුතු රෝග ලක්ෂණ පවතී නම්, නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීමත්, සම්පූර්ණ සුවය ලබන තෙක් අන් අය සමග සමීප ශාරීරික සම්බන්ධතාවලින් වැළකී සිටීමත් වැදගත් වේ.
එක්වරම හටගත් සමේ කුෂ්ඨ තත්වයක්
හිසරදය
එක්වරම හටගත් උණ
වසාගැටිති ඉදිමුම
මස්පිඬු වේදනාව
කොන්දේ වේදනාව
තදබල තෙහෙට්ටු ස්වභාවය
යන රෝග ලක්ෂණ එකක් හෝ පවතී නම්, එම පුද්ගලයා 'මංකිපොක්ස් ආසාදිතයෙකු බවට සැක කළ හැකි අයෙකු ලෙස සැලකේ. මංකිපොක්ස් ආසාදිතයෙකු විය හැකි පුද්ගලයන් (Probable cases - Monkeypox)පෙර කී රෝග ලක්ෂණ අනුව මංකිපොක්ස් බවට සැක කෙරෙන පුද්ගලයෙක්, තහවුරු කළ මංකිපොක්ස් රෝගියෙකුගේ සමග ඉතා සමීප ශාරීරික සබදතා හෝ ලිංගික සබදතා පවත්වා ඇත්තම් හෝ රෝග ලක්ෂණ හටගැනීමට දින 21ක් ඇතුළත, නාදුනන අයෙකු සමග හෝ එක් අයෙකුට වැඩිදෙනෙකු සමග ඉතා සමීප ශාරීරික සබදතා පවත්වා ඇත්නම් හෝ රුධිර පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ මගින් මංකිපොක්ස් වෛරසය අයත් වෛරස කාණ්ඩයට අදාළ ප්‍රතිඵල ලැබේ නම් ඔහු හෝ ඇය, මංකිපොක්ස් ආසාදිතයෙකු විය හැකි බවට වර්ගීකරණය කෙරෙයි. දැනට යමෙකු මංකිපොක්ස් රෝගියෙකු බවට නිශ්චිතවම තහවුරු කළ හැක්කේ සමෙහි ඇති වූ තුවාලවල කබොල්ල, සම් කොටස් හෝ තුවාලයේ ඇති සැරව ආශ්රයෙන් සිදුකෙරෙන PCR පරීක්ෂණයක් මගින් පමණි.