ඊශ්‍රායල හමුදාව ඛාන් යූනිස් නගරය වටලයි
2023 December 06- Page Views : 3 යුද්ධය අරඹා දින 60 කට පසුව දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් නගරය ඊශ්‍රායල හමුදා වටලා ඇතැයි එම හමුදාවේ ප්‍රධානියකු වන ලුතිනන් ජනරාල් හර්සි හෙල්වි ප්‍රකාශ කළේය.
උතුරු ගාසා තීරයේ හමාස් සංවිධානයේ බලකොටු සාර්ථකව විනාශ කර දැමූ බවත් මේ වනවිට දකුණු ගාසා තීරයේ හමාස් සංවිධානයේ බලකොටුවලට ඊශ්‍රායල හමුදා සාර්ථකව ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් ලුතිනන් ජනරාල් හෙල්වි පැවැසුවේය.තාවකාලික සටන් විරාමය බිඳ වැටීමෙන් පසු නැවත මෙහෙයුම් සාර්ථකව ආරම්භ කිරීමට ඊශ්‍රායල හමුදාවට හැකියාව නොලැබෙතැයි ඇතැම් පාර්ශ්ව විශ්වාස කළ බව ජනරාල් හෙල්වි පෙන්වා දුන්නේය.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීම හේතුවෙන් ඉදිරි සතිය තුළ රෆා නගරයට තවත් මිලියනයක පමණ පලස්තීන ජනතාවක් සරණාගතයන් ලෙස පැමිණෙතැයි අපේක්ෂා කරන බව පලස්තීන බලධාරීන් ප්‍රකාශ කළේය.මේ වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ නිවාස 305000 ක් විනාශ වී ඇති බවත් ඉන් 52000 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් ගාසා තීරය පාලනය කරනු ලබන හමාස් රජය පැවැසුවේය.
මේ වන විට ඊශ්‍රායල හමුදා ප්‍රාහාර හේතුවෙන් පලස්තීන ජනතාව 16280 ක් මියගොස් ඇති බවත් තවත් ඉන් 7112 ක් ළමුන් බවත් පලස්තීන බලධාරීන් ප්‍රකාශ කළේය.පලස්තීනුවන් 3580 ක් ඊශ්‍රායල හමුදා අත් අඩංගුවට පත්ව ඇති බවත් මිලියන 1.1 ජනතාවක් අවතැන් වී ඇති බවත් පලස්තීන බලධාරීන් පැවැසුවේය.
ගාසා තීරයේ සේවා පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දෙන බවත් ගාසා තීරය යුද මුක්ත කලාපයක් කළ හැක්කේ ඊශ්‍රායල හමුදාවට පමණක් බවත් එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කළේය.යුද්ධයෙන් පසුව ගාසා තීරය නිරායුද කිරීම සඳහා ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ පාලනය තබා ගත යුතු බව අග්‍රාමාත්‍ය නෙදන්යාහු පැවැසුවේය.