WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හසීනා අත්අඩංගුවට ගන්න වරෙන්තු

2024 October 18- Page Views : 26

ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සහාය ඉල්ලා ඇති අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණය, හසීනා ඇතුළු 45 දෙනකුට වරෙන්තු නිකුත් කර ඇත.

අරගල සමයේ, අරගලකරුවන් මර්දනය කිරීම, ඔවුන්ට වෙඩි තබන්නැයි පොලිසියට නියෝග කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් මෙසේ වරෙන්තු නිකුත් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය පියවර ගත් බව පැවැසෙයි.