ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
2025 April 15- Page Views : 18 පුවරසන්කුලම පොලිස් වසමේ ශිවනගර් ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පුවරසන්කුලම පොලිස් ස්ථනයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
සැකකරු වයස අවුරුදු 66 ක් වන ශිවනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පුවරසන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.