SCO සංවර්ධන බැංකුව ස්ථාපිත කිරීමට චීන ජනපතිගෙන් යෝජනාවක්
2025 September 01- Page Views : 26 ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව අද (01) චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ඒ චීනයේ Tianjin නගරයේ Meijiang සමුළු මධ්‍යස්ථානයේදීය.
මෙම සමුළුවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රටවල් රැසක නායකයින් එක්ව සිටී.
ශැංහයි සහයෝගිතා සංවිධානය ලොව විශාලතම කලාපීය සංවිධානය වන අතර මේ වනවිට රටවල් 26ක් ඊට ඇතුළත් වේ.
එහි සමස්ත ආර්ථීක නිමැවුම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 30කට ද ආසන්නය.
ගෙවී ගිය වසර 24 තුළ, ශැංහයි සහයෝගිතා සංවිධානය සාර්ථක ජයග්‍රහණ රුසක් අත්කර ගෙන ඇති බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී ප්‍රධාන දේශනය සිදු කරමින් කියා සිටියේය.
වෙනස් වන ලෝකය හමුවේ, සියළු සාමාජික රටවල් එම සංවිධානයේ අරමුණු අනුගමනය කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම ශැංහයි සහයෝගිතා සංවිධාන සංවර්ධන බැංකුව කඩිනමින් ස්ථාපිත කරමින් ආර්ථික සංවර්ධනය සහතික කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පොදු පදනමකින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණ, විවෘතභාවය සහ සහභාගිත්වය, සාධාරණත්වය සහ යුක්තිය, ප්‍රායෝගිකත්වය සහ කාර්යක්ෂමතාව යන කරුණු වෙත අනුගත විය යුතු බවය.