WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බීබීසීයේ ප්‍රධානීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

2025 November 10- Page Views : 230

බීබීසී මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි ඉල්ලා අස්වී තිබේ.

ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාර්තා චිත්‍රපටයක් සංස්කරණය කිරීමේදී නරඹන්නන් නොමග යැවූ බවට ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා මත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව බීබීසී මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ඩෙබොරා ටර්නස් ද ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

බීබීසී ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ටිම් ඩේවි ප්‍රකාශ කර ඇත්තේ වසර පහකට පසු රැකියාවෙන් ඉවත් වීමට ගත් තීරණය සිය පෞද්ගලික තීරණයක් බවය.