අමෙරිකානු ප්‍රහාරක නෞකා කැරබියන් දූපතට
2025 November 12- Page Views : 8
ලොව විශාලතම යුධ නෞකාව වන USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් වටා කේන්ද්‍රගත වූ එක්සත් ජනපද නාවික ප්‍රහාරක බලකායක් කැරිබියන් දූපතට පැමිණ ඇති බව එක්සත් ජනපද නාවික හමුදාව තහවුරු කර තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞවකා සඳහා ප්‍රහාර එල්ල කිරීමට මෙම බලකාය පැමිණ ඇති බවයි.
එක්සත් ජනපදය මේ දක්වා කැරිබියන් සහ නැගෙනහිර පැසිෆික් කලාපයේ බෝට්ටුවලට එරෙහිව ප්‍රහාර 19කට අධික ප්‍රමාණයක් සිදු කර ඇති අතර ඉන් පුද්ගලයින් 76 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.
කෙසේ වෙතත් කැරිබියන් මුහුදේ බෝට්ටු ප්‍රහාර නතර වන තුරු ඇමරිකානු ආයතන සමඟ බුද්ධි තොරතුරු බෙදා ගැනීම අත්හිටුවන ලෙස කොලොම්බියානු නායක ගුස්ටාවෝ පෙට්‍රෝ ඊයේ (11) තම රටේ මහජන ආරක්ෂක හමුදාවන්ට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුර සඳහන් කරයි.