ආපදා ආධාර රැගත් ගුවන් යානයක් ජර්මනියෙන් පැමිණෙයි
2025 December 17- Page Views : 10
යුරෝ මිලියන 5,000 ක් වටිනා ආපදා ආධාර තොගයක් යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන දෙරටින් රැගෙන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අලුයම දිවයිනට පැමිණියේය.
මෙම ගුවන් යානය තුළ කූඩාරම් , ආහාර පිසීම සදහා යොදා ගන්නා මුළුතැන්ගෙයි උපකරණ මෙට්ට , ජලය පිරිසිදු කිරීමේ උපකරණ ඇතුළත් විශාල ආපදා ආධාර තොගයක් තිබුණි .
මේවා රැගත් බෝයිං - 747 - 400 විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද අලුයම 04.30 ට ජර්මනියේ ලීග් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජර්මාණු නියෝජ්‍ය තානාපතිනිය සරා හසල්බාත් ( Sarah Hasselbarth ) යුරෝපා සංගමයේ පියරේ ට්‍රිපොන් ( Pierre Tripon ) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.