නිල ඇඳුමින් සිටියදීම පොලිස් කොස්තාපල් අයිස් සමඟ අත්අඩංගුවට
2025 December 17- Page Views : 10
දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු දෙමටගොඩ දී, කොළඹ නගරයේ සුරාබදු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පොලිස් කොස්තාපල්වරයා නිල ඇඳුමින් සිටිය දීම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු ලක්ෂ 25ක් බවද වාර්තා වේ.