විශේෂ පාර්ලිමේන්තු සැසි වාරය ඇරඹෙයි
2025 December 18- Page Views : 10
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව අද (18) කැඳවන ලද පාර්ලිමේන්තු සැසි වාරය පෙරවරු 9.30ට ආරම්භ කෙරුණි.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට නියමිතය.