දෙසැම්බරයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 90,000කට අධික පිරිසක් දිවයිනට
2025 December 18- Page Views : 10
දෙසැම්බර් මාසයේ ගත වු මුල් සති දෙකක කාලය තුළ සංචාරකයින් 90,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
දෙසැම්බර් මස පළමු වෙනිදා සිට 14 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 93,031දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.
ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 21,156කි.
ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීන ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව මේ වසරේ ජනවාරි පළමු දින සිට දෙසැම්බර් 14 දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 2,196,624ක් වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.