WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දිඹුලපතන අනතුරින් අයෙක් මරුට:තවත් අයෙක් රෝහලට

2025 December 20- Page Views : 10

ඩයගම සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගමන් ගත්  මගීන් දෙදෙනකු ලොරි රථයක ගැටී එක් අයකු එම ස්ථානයෙම ජීවිතක්ෂයට පත් ව ඇතැයි  තවත් මගියකු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එම තුවාලකරුගේ තත්වය බරපතල නිසා දික්ඔය මූලික රෝහල වෙත මාරැ කර යවා ඇත.

අද  දින උදෑසන 7:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පතන මංසන්ධියේදීය.

ඩයගම සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයේ රියදුරුට විවේක ගැනීම සදහා බස් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ නතර කළ අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් මගීන් දෙදෙනකුද බස් රථයෙ පසුපස දොරෙන් ප්‍රධාන මාර්ගයට බසින අවස්ථාවේ නාත්තන්ඩියේ සිට නුවරඑලිය දක්වා  රා ප්‍රවහනය කිරිමින් තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදු වී ඇත.