WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දින 23කට පසු බදුල්ලෙන් ගමන් ඇරඹූ 'උඩරට මැණිකේ'

2025 December 20- Page Views : 10

'දිට්වා' ආපදා හේතුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවෙල කොටස යතාවත් කිරීමෙන් පසු එහි දුම්රිය ගමන් අද (20) පෙරවරුවේ අරඹනු ලැබීය.

ඒ අනුව එහි මංගල ගමන සනිටුහන් කරමින් අද පෙ.ව. 8.ට Class S14 බලවේග කට්ටල සහිත බදුල්ල - අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය ගමන් අරඹනු ලැබීය.

මෙලෙස උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් ධාවන වූයේ 'දිට්වා' ආපදාවෙන් දින 23කට පසුවය.

නුවරඑළිය හා ඇල්ල ප්‍රදේශයන්ට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ඉහළ තෝරාගැනීමක් ලෙස උඩරට දුම්රිය ගමන් සැලකෙන අතර, ඒ හේතුවෙන් මෙම මාර්ගයේ නවීකරණ කටයුතු කඩනම් කර තිබේ.

ඒ අනුව අද සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවෙල අතර දුම්රිය ගමන්වාර කිහිපයක් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

මෙම අවස්ථාව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.