හික්කඩුව මුහුදේ ගිලී බෙලරූස් ජාතිකයෙකු මරුට
2025 December 20- Page Views : 10
හික්කඩුව, වෑවල මුහුදු තීරයේ දියේ ගිලීමෙන් විදෙස් ජාතිකයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ වෑවල මුහුදු තීරයේ දියනාමින් සිටි විදෙස් ජාතිකයෙකු දියවැලකට හසුව දියඹට ඇදීගොස් නැවත ගොඩට ගසා ගෙනවිත් ඇති බවය.
පසුව 1990 ගිලන්රථ සේවාව මගින් එම විදෙස් ජාතිකයා බලපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව සඳහන් ය.
මියගොස් ඇත්තේ 54 හැවිරිදි බෙලරූස් ජාතකයෙකු බව සඳහන් ය.
මේ අතර, ඊයේ (19) පස්වරුවේ හික්කඩුව වෙරළ ආසන්න මුහුදේ දියනෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් දිය වැළකට හසුවී ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ 44 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවක් බව පොලීසිය පවසයි.