යාපනය උණුසුම් කළ විරෝධතාවයේ නවතම තත්ත්වය
2025 December 21- Page Views : 10
යාපනය තිස්ස විහාරය ඉදිරිපිට ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 5දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.
අධිකරණ නියෝගයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් 5දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු ද වන බවය.
යාපනය තිස්ස විහාරය ඉදිරිපස පිරිසක් අද දිනයේ විරෝධතාවයක නිරත වන බවට ලැබුණු තොරතුරකට අනුව අදාළ ස්ථානයේ විරෝධතා පැවැත්වීම වළක්වාලමින් පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණි.
කෙසේ වෙතත් එම අධිකරණ නියෝගය නොතකා පුද්ගලයින් පිරිසක් බලහත්කාරයෙන් විහාරස්ථාන භූමියට ඇතුළු වීමට උත්සාහ කර ඇති බව ද පොලිසිය සඳහන් කළේය.