WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය

2025 December 22- Page Views : 11

සෙට්ටිකුලම - වීරපුරම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවට සෙට්ටිකුලම පොලීසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ තවසිකුලම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දුරකතන සංවාදයක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පිරිසක් විසින් මෙම පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 19 හා 22 වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකු සෙට්ටිකුලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සෙට්ටිකුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.