අත්තනගලු ඔයේ නාඳුනන පුද්ගල මළසිරුරක්
2025 December 22- Page Views : 11
අත්තනගලු ඔයේ තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ.
අත්තනගල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම මළසිරුර සොයා ගෙන ඇත.
පොලීසිය පැවසුවේ මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවය.
මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අත්තනගල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.