උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්
2025 December 22- Page Views : 10
එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් විශේෂ "මෙහෙයුම් මැදිරියක්" (Operations Room) ස්ථාපිත කිරීමට ආරක්ෂක ලේකම්වරයා උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා.
උත්සව සමය නිමාවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරිය, ශ්‍රී ලංකා යුද, නාවික, ගුවන් යන ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර සමීප සහයෝගීතාවක් පවත්වා ගන්නා ප්‍රධාන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස කටයුතු කරනු ඇති බවයි එම නිවේදනයේ සඳහන්.
ත්සව සමය තුළ මතු විය හැකි ඕනෑම ආරක්ෂක අභියෝගයකදී හෝ හදිසි තත්ත්වයකදී කඩිනම් සහ විධිමත් ලෙස ක්‍රියාත්මක වීම, ආරක්ෂක අංශ අතර යාවත්කාලීන වන තොරතුරු කඩිනමින් හුවමාරු කර ගැනීම සහ කාලෝචිත තීරණ ගැනීම මෙන්ම, සියලුම ආරක්ෂක අංශවල මෙහෙයුම් සූදානම ඉහළ මට්ටමක පවත්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණු වනු ඇති.