WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රන් මිල රු 7,000කින් ඉහළට

2025 December 23- Page Views : 10

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.

අද (23) වනවිට ලෝක රන් මිල ඩොලර් 4,485  දක්වා ඉහළ ‍ගොස් ඇත.

මෙරට රත්‍රං මිල ඊයේ (22) දිනයට සාපේක්ෂව රුපියල් 7,000කින් අද දිනය වනවිට ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක් මිල රු. 325,600ක් ලෙස දැක්වුණි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 344,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 352,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.