WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීන දූත පිරිස දිවයිනට

2025 December 23- Page Views : 10

චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයින් ඇතුළු 11 දෙනෙකුගෙන් සමන්විත චීන දූත පිරිසක් අද (23) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

අද පෙ.ව 9.45ට පමණ ශ්‍රීලන්කන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් මොවුන් දිවයිනට ආ බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.

ඔවුන් පිළිගැනීම සඳහා මෙරට චීන තානපතිවරයා සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බව වාර්තා වෙයි.