WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හබරකඩ දෙදරු මවගේ මරණය සැකයි:සැමියා පොලිසි යයි

2025 December 24- Page Views : 11

ඩෙංගු රෝගය සදහා ප්‍රතිකාර ගැනීමට කොළඹ බෝවන රෝග විද්‍යාතනය හෙවත් අයි.ඩී.එච් රෝහලට ඇතුලත් වී සිටියදී ඉකුත් 11 දින මියගිය හෝමගම හබරකඩ පදිංචිව සිටි ශානිකා සමරපාල නැමැති 37 හැවිරිදි දෙදෙරු මවගේ මරණය බාල බෙහෙත් නිසා සිදු වූ මරණයක් බවට සැක කරන බැවින් ඒ පිලිබදව පරීක්‍ෂණක් පවත්වන ලෙස මියගිය කාන්තාවගේ සැමියා වි අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් කළේය.

එහිදී අදහස් දැක් වූ මිය ගිය කාන්තාවගේ සැමියා වන හෝමගම හබරකඩ පදිංචිව සිටින බී. චානක මදුසංක මහතා මෙසේ කීය.

මගෙ බිරිද ඩෙංගු රෝගයට ප්‍රතිකාර ගන්න තමයි රෝහල් ගත වූණේ. අපිට දරු දෙදෙනකු ඉන්නවා. මේ බෙහෙත දීපු ගමන් බිරිද ගෙ හදවත නතර වුණා. මට වෛද්‍යවරු කිව්වේ හය පාරක් විතර හදවත නතර වුණත් එම සියලු අවස්ථාවල ප්‍රතිකාර ලබා දී ප්‍රකෘති තත්වයට ගත්තත් බේරා ගන්න බැරි වුණා කියලයි.

වෛද්‍යවරුන්ටත් හිතා ගන්න බෑලු මේ වෙච්ච දේ. ඒ ගැන දැන් පරීක්‍ෂණයක් යනවලු. මොනව කළත් වැඩක් නෑ. දැන් මට මගේ බිරිද නෑ. දරුවන් දෙන්නට අම්ම නෑ. ඒ නිසා මෙවන් දේවල් යළිත් නොවන්නට මේ පිලිබදව නිසි පරීක්‍ෂණයක් සිදු කල යුතුයි.