WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට

2025 December 24- Page Views : 10

දකුණු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, අද උදෑසන 6.00 පමණ මෙම යාත්‍රාව එම ධීවර වරායට ළඟා වූ බවය.

බහුදින ධීවර යත්‍රාවේ සිටි පුද්ගලයින් 05 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අදාළ යාත්‍රාවේ තිබී සොයාගත් මලු 11ක බහා තිබූ මත්ද්‍රව්‍ය අයිස් හා හෙරොයින් බවට හඳුනාගෙන ඇති බව නාවික හමුදාව පැවසුවේය.

මෙම යාත්‍රාව ගන්දරින් පිටත්ව ගොස් තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

මත්ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණය හා වටිනාකම මේවනතෙක් ගණනය කර නොමැති බව සඳහන්ය.