නායගිය මහගිරිදඹේ පඩිපෙළ යුද හමුදා වෙහෙසින් ඉදිවෙන හැටි
2025 December 24- Page Views : 10
ශ්‍රී පාද - හැටන් මාර්ගයේ නැයයෑමට ලක් වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙල සහ ආරක්ෂිත පැතිබැම්ම යුද හමුදා භටපිරිස් විසින් මේ වන විට කඩිනමින් ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකරමින් පවතී.
ශ්‍රී පාද මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ වන්දනාකරුවන් විසින් පරිසරයට මුදාහැර තිබූ අපද්‍රව්‍ය මත වැඩී ආ ආක්‍රමණශිලි ශාක වර්ගයක් වර්ධනය වී ඇත.
එම ශාක පදුරු පැවති වර්ෂාවක් සමග අපද්‍රව්‍ය සහ සමග පහළට කඩාගෙන විත් ශ්‍රී පාද මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීම නිසා එම වැටට හානි සිදු වී තිබුණි.
එම ප්‍රදේශයේ නායයෑම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනය විසින් එම ස්ථානයට ගොස් ස්ථාන පරික්ෂාවක් සිදු කර ලබා දුන් නිර්දේශ අනුව යුද හමුදා භට පිරිස් විසින් නාය යෑමට ලක් වූ එම ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බව සඳහන් කළේය.
එම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරේ පවතින බවක්, එම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වීමෙන් පසු එම මාර්ගය ඔස්සේ කිසිදු අපහසුතාවයකින් තොරව ශ්‍රී පාදය කරුණා කිරිමට වන්දනාකරුවන්ට අවස්ථාව හිමිවන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පවසයි.