WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රතු නිවේදන ගැලෙව්වත් අවදානම අඩු නෑ

2025 December 24- Page Views : 10

නායයෑම් රතු නිවේදන ඉවත් කර  අැතත්  තවමත් එම ස්ථානවල අවදානම පහව ගොස් නොමැති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

පවතින වැසි තත්ත්වයේ අඩුවීම මත රතු නිවේදන ඉවත් කළද නිලධාරීන් පැමිණ අදාළ අවදානම් ස්ථාන පරීක්ෂා කරන තෙක් ජනතාව එම ස්ථානවලට නැවත නොගොස් සිටි යුතු බව එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසලි සේමසිංහ මහත්මිය සඳහන් කළාය

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් ලබාදෙන තුරු කිසිසේත්ම අවදානම් ස්ථානවලට නැවත නොයන ලෙසද ඇය වැඩිදුරටත් පැවසුවාය.

මේ වනවිට බදුල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක් සඳහා පළමු අදියරේ විමසිලිමත්ව සිටීමේ නිවේදන නිකුත් කර ඇත.

විමසිලිමත් වන්න (කහ) 

    මහනුවර දිස්ත්‍රික්කය:

- උඩුදුම්බර - ⁠මිණිපෙ - ⁠මැදදුම්බර - ⁠දොළුව⁠

නුවරඑළිය දිස්ත්‍රික්කය:

- ⁠වලපනේ - ⁠හගුරන්කෙත - නිල්දණ්ඩාහින්න - ⁠මතුරට

බදුල්ල දිස්ත්‍රික්කය:

- ⁠සොරණාතොට 

- ⁠ලුණුගල  - ⁠මීගහකිවුල 

කුරුණෑගල දිස්ත්‍රික්කය:

- ⁠රිදීගම

මාතලේ දිස්ත්‍රික්කය:

- ⁠රත්තොට - ⁠අඹන්ගග කෝරළය - ⁠උකුවෙල - ⁠යටවත්ත - ⁠පල්ලෙපොල