හැටේවත්තේ ඉඩමක ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක්
2025 December 25- Page Views : 11
ග්‍රැන්ඩ්පාස් හැටේවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ එම පතරොම් 27ක් සොයාගෙන තිබේ.
අදාළ ප්‍රදේශයේ හිස් ඉඩමක තිබී අදාළ ගිනිඅවිය සහ පතරොම් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවල දී එම ස්ථානයට ගිනිඅවිය ගෙනවිත් දමන පුද්ගලයා අනාවරණය වී ඇති අතර ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 67 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.
මේ අතර පිළියන්දල ප්‍රදේශයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම ගිනිඅවිය සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
කවුරුන් විසින් මෙම ගිනිඅවිය ගෙනවිත් ඇත් ද යන්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති අතර බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.