අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට
2025 December 26- Page Views : 10
අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙම අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්ද, සිව්දෙනෙකු ගාල්ල අපරාධ අංශය විසින්ද අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මෙම වැටලීම්වලදී හික්කඩුව ප්‍රදේශයෙන් පිස්තෝලයක් සහ රිවෝල්වරයක්ද සොයාගැනීමට හැකිව තිබේ.
පසුගිය 22දා සිදු වූ මෙම වෙඩිතැබීමෙන් අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබුණි.
අපරාධ කල්ලි පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක කරයි.
වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ තැනැත්තාද අපරාධ කල්ලි සාමාජිකයින් සමග සම්බන්ධතා පැවැත්වූ අයෙකු බවට තොරතුරු අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ.