WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මුහුදේ ගසාගෙන ගිය විදෙස් කත හා ඇගේ දරුවා පොලිස් විරුවන් බේරාගනී

2025 December 27- Page Views : 10

හික්කඩුව, පන්නම්ගොඩ වෙරළ තීරයේ ඊයේ (26) දිය නෑමට ගිය විදෙස් කාන්තාවක් හා ඇගේ දරුවා දිය වැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී බේරාගැනීමට හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ.

ඊයේ දහවල් කාලයේ වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි උපපොලිස් පරික්ෂක සිරිමල්, පොලිස් කොස්තාපල්  (87162) දිසානායක හා පොලිස් කොස්තාපල් (96221) දුමින්ද යන නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා බේරාගෙන ඇත.

අනතුරට ලක්ව ඇත්තේ යුක්‍රේන් ජාතික අවුරුදු 42ක් වූ කාන්තාවක් හා ඇගේ අවුරුදු 14ක් වූ පුත්‍රයා වේ.