හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අද අධිකරණයට
2025 December 27- Page Views : 11
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
යුද හමුදාවෙන් ඔහුට නිකුත් කළ ගිනිඅවියක් වැලිවේරිය ප්‍රදේශයේදී අපරාධකරුවෙකු සන්තකයේ තිබී හමුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඒ මහතා ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි.
හිටපු අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේය.
යුද හමුදාව විසින් ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා නීත්‍යානුකූලව නිකුත් කර තිබු පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් මෙලෙස සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මදුෂ්ගෙන් 2019 වසරේදී සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලදී හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනුණි.
හිටපු අමාත්‍යවරයාගේ පිස්තෝල වර්ගයේ ගිනිඅවිය, වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයා ගැනුණි.
ඒ අනුව අත්අඩංගුවට ගත් ඩග්ලස් දේවානන්දා මහතා අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.