WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඝාතනයකින් කෙළවර වූ පුද්ගලික ආරවුල

2025 December 28- Page Views : 10

අයගම, සමරුගම ප්‍රදේශයේදී පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසීය.

මියගොස් ඇත්තේ 57 හැවිරිදි අයගම, සමරුගම ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි පුද්ගලයෙකි.

අසල්වැසි නිවසක පුද්ගලයෙකු සමග ඇතිකර ගත් ආරවුලක් දුරදිග යාමෙන් එම නිවෙස් හිමියා විසින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඝාතනය සිදුකළ 40 හැවිරිදි සැකකරු සමරුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.