ආපදාවෙන් හානියට පත් වගාවන් සඳහා සහනාධාර ගෙවීමේ ප්‍රගතිය ගැන දැනුම්දීමක්
2025 December 29- Page Views : 10
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වී සහ අනෙකුත් වගාවන් සඳහා සහනාධාර සහ වන්දි ගෙවීම් සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ මේ වන විට වී ගොවීන් 66,965කට සහ අනෙකුත් බෝග වගාවන් සම්බන්ධ ගොවීන් 16,869කට මේ වන විටත් සහනාධාර සහ වන්දි මුදල් ගෙවා ඇති බවය.
ඒ අනුව වී වගාවන් සඳහා ගොවීන් 66,965කට අයත් භූමි ප්‍රමාණය හෙක්ටයාර් 33,215කට රුපියල් මිලියන 4,982ක මුදලක් ගෙවා ඇතැයි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම වී වගාවන් සඳහා මේ වන විට හෙක්ටයාර් 50,000කට ආසන්න බිම් ප්‍රමාණයක් සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් වී ඇති බවත් අනුමැතිය ලබා දිය හැකි සියලු ඉල්ලුම්පත් සඳහා දෙසැම්බර් 30 වැනි දිනට පෙර ගෙවීම් සිදුකරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර අතිරේක ආහාර බෝග, එළවළු සහ පළතුරු සඳහා වන වගා හානි වන්දි සඳහා මේ වන විට ගොවීන් 16,869කට රුපියල් මිලියන 670ක් ගෙවා තිබේ.
ඒ අනුව භූමි ප්‍රමාණය හෙක්ටයාර 3,708ක් සඳහා මෙම වන්දි මුදල් මේ වන විට ලබා දී ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.