දඹුල්ලේ එළවලු මිල පහළ බැහැලා
2025 December 29- Page Views : 10
ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද(29 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිල පහත වැටි තිබේ .
ඇතැම් එළවලු වර්ග කිහිපයක් පමණක් ඉහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයෝ පවසති. ඒ අනුව දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය තුළ අද උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 800 ත් 850 ත් අතර අගයකට අලෙවි වූ බව වෙළෙන්දෝ කියති.
පසුගිය වසරේ ද අදවන් දිනක පැවති එළවලු මිල හා සැසදීමේදී එළවලු වර්ග බොහොමයක මිල සියයට සියයක් මිල ඉහලව පවතින අතර ඇතැම් එළවලු සම මිල මට්ටමක් පවතීම හා මිල අඩුවී ඇති බව පෙනීයයි.
අමුමිරිස් කිලෝව රුපියල් 800 ක් 900 ත් අතර පැවතිණී . එම මිල පසුගිය වසරේද පැවති මිල ගණන් වෙයි .වට්ටක්කා කිලෝව වසර දෙකම සැසදීමේදී ලොකු වෙනසක් නොමැත.
විශේෂයෙන් කන්ද උඩරටින් ලැබෙන කැරට් කිලෝවක් 230ත් 270 වූ මිල ගණන් යටතේ අලෙවි වීම විශේෂත්වයකි. ඒ අනුව පසුගිය දා ලීක්ස් කිලෝවක් රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකට අලෙවි විය.
මේ වනවිට ලීක්ස් කිලෝවද 280 දක්වා කන්ද උඩරට මෙන්ම පහත රට ප්‍රදේශවලින් වලින් ලැබෙන එළවළු තොග මිලද පහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.