WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අභාවප්‍රාප්ත හෙළයේ ගීත කෝකිලාවිය, කලාසූරී ලතා වල්පොලගේ දේහය මහජන ගෞරවය සදහා අද සහ හෙට බොරැල්ලේ

2025 December 29- Page Views : 10

හෙළයේ ගීත කෝකිලාවිය, අභාවප්‍රාප්තකලාසූරි ලතා වල්පොලගේ දේහය මහජන ගෞරවය සදහා අද සහ හෙට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව, එම දින දෙකෙහි පෙරවරු 9 සිට රාත්‍රි 10 දක්වා දේහයට අවසන් ගෞරවය දැක්වීමේ හැකියාව පවතින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමෙන්ම, අනිද්දා පෙරවරු 10 සිට පස්වරු 1 දක්වා ඇයගේ දේහය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ තැන්පත් කෙරෙනු ඇති.

අනතුරුව පස්වරු 2ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව අවසන් කටයුතු සිදු කෙරෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.