WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

IMF නියෝජිත පිරිසක් ලබන වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට

2025 December 30- Page Views : 10

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ලබන වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයන ලද විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ පස්වැනි සමාලෝචනය සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ වේ. 

EFF පිළිබඳ පස්වන සමාලෝචනය දැනටමත් අවසන් කර ඇති අතර, අනුමැතිය ලබා දීම සඳහා IMF විධායක මණ්ඩලය මුලින් දෙසැම්බර් 15 වැනි දින රැස්වීමට නියමිතව තිබිණි.

නමුත් එම කඩිනම් මූල්‍යකරණය සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම අනුව රැස්වීම කල්දමන දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර කෙරණි.