WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් හිටපු සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

2025 December 30- Page Views : 11

ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරයෙකු දොඩංගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29) සවස 4.45ට පමණ දොඩංගොඩ, නෑහින්න ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙලෙස ජාතික ජන බලවේග පක්ෂයේ ලැයිස්තු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ කෙ.ජී. විජයරත්න බණ්ඩා නැමති අයට සමගි ජන බලවේග පක්ෂයේ දොඩංගොඩ ප්‍රාදේශීය සභා  හිටපු මන්ත්‍රී කුමාරසිරි ජයසිංහ නැමැත්තා විසින් පුටුවකින් පහර දී ඇත.

පහරකෑමට ලක්වූ විජයරත්න බණ්ඩා මහතා මේ වනවිට නගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.