රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා
2026 January 01- Page Views : 11
අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
සැකකටයුතු මෝටර් රථය නවතන ලෙස රාජකාරියේ යෙදි සිටි පොලිසිය අන කළ අවස්ථාවේ මෙම අනතුර සිදු කර පළාගොස් ඇත.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොලිස් කොස්තාපල් සරත් නමැති නමැත්තෙකි.
ඔහු බරපතළ තුවාල ලබා සිටි කොස්තාපල්වරයා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ . මෝටර් රථයේ ගැටුණු සිවිල් ආරක්ෂකයකු තුවාල ලබා අම්බලන්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ . තංගල්ල දෙස සිට කතරගම දෙසට ධාවනය කළ සුදු පැහැති මෝටර් රථයක් නතර කරන ලෙසට පොලිස් නිළධාරින් සංඥා කර ඇති අතර පොලිස් අණ නොතකා මෝටර් රථය පොලිස් නිළධාරින් හප්පා හම්බන්තොට දෙසට පලාගොස් ඇතැයි පොලිසිය පැවසීය . මෝටර් රථය හෝ සැකකරුවන් මේ දක්වා අත් අඩංගුවට ගෙන නැත .