WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කතක් ගුවන්තොටෙන් හොර බඩු පන්නන්න හදලා

2026 January 01- Page Views : 11

රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස  කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත "  ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික  කාන්තාවක අද උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

සැකකාරිය කොළඹ , ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි .

එහිදී ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ සුවද විළවුන් , තොල් සායම් , රූපලාවන්‍ය ආලේපන , ලැප්ටොප් පරිගණක යන්ත්‍ර සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙන්ම මත්පැන් බෝතල් තොගයක් ද සගවා ගෙන තිබුණි .