බස් - යතුරු පැදි අනතුරින් ජාජබ මන්ත්‍රී අපෙක්ෂක මරුට
2026 January 01- Page Views : 10
බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ පැමිණෙමින් සිටියදී වැල්මිල්ල, ගල්කඩේ හංදිය ප්‍රදේශයේදී බස් රථයක් හා යතුරු පැදියක් ගැනීමෙන් යුද හමුදා විශ්‍රාමික නිලධාරියකු මියගොස් තවත් විශ්‍රාමික නිලධාරියකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ජාතික ජනබල වේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධූර අපේක්ෂක විශ්‍රාමික බ්‍රිගේඩියර් එච්. එම්. සරත් විජේසේන මහතා මියගොස් ඇත. ඔහු දෙදරුපියකි. විශ්‍රාමික කර්නල්වරයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ඔවුන් ගමන් ගත් යතුරු පැදිය හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු තිබේ.
මියගිය බ්‍රිගේඩියර් සහ තුවාල ලද කර්නල්වරයා ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගාල්ල ප්‍රදේශයට ගොස් යතුරුපැදියෙන් බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ පැමිණෙමින් සිටියදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්ය මණ්ඩලය රැගෙන මතුගම බලා ගමන් ගත් පුද්ගලික බස් රථය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.