නීතිවිරෝධීව අලෙවි කිරීමට උත්සාහ කළ බෙහෙත් පෙති තොගයක් සමඟ 4ක් යාපනයේ දී මාට්ටු
2026 January 07- Page Views : 41
නීතිවිරෝධි ලෙස අලෙවි කිරීමට උත්සාහ කළ ඖෂධ පෙති තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ සහ කයිට්ස් දූපතේ නයන්මාකට්ටු ප්‍රදේශයේ මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය.
මෙහිදී නීතිවිරෝධි ලෙස අලෙවි කිරීමට උත්සාහ කළ ඖෂධ පෙති 860ක තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු සහ යතුරුපැදියක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 සහ 29 යන වයස් සීමාවල පසුවන යාපනය ඔට්ටාමඩම්, සංකානි, නල්ලූර් සහ කොයියතෝඩිමම් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බව නාවික හමුදාව පැවසුවේය.
සැකකරුවන්, ඖෂධ තොගය සහ යතුරුපැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.