WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විවාදයකට එන්නැයි බලශක්ති ඇමති කුමාර ජයකොඩිට ඩී.වී චානකගෙන් අභියෝගයක්

2026 January 09- Page Views : 19

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ගැන ඕනෑම නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙස තමන් අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා අභියෝයග කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ අමාත්‍යවරයාට දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ගැන විවාදයකට පැමිණෙන ලෙසට තමන් අභියෝග කරන බවත් එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත බව තමා ඔප්පු කරන බවත්ය.

වත්මන් රජය සිය පාලන කාලයේ මුල් සතියේ සිටම දූෂණ සහ වංචාවල නිරත වන බවට චෝදනා කළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පසුගියදා මහා පරිමාණ ගල් අඟුරු වංචාවක තොරතුරු අනාවරණය කළේය.

එහිදී චෝදනා කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ සාමාන්‍යෙයන් අප්‍රේල් මාසයේ කැඳවිය යුතු ගල් අඟුරු ටෙන්ඩරය සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට රජය කටයුතු කර ඇති බවය.

ඒ අනුව  ලංකාවට ගෙනා පළමු ගල්අඟුරු නැව් දෙකේ Calorific value5600-5800 අතර පවතින බව ලක්විජය බලාගාරයේ පරීක්ෂණවලින් තහවුරු වී ඇති අතර ගල්අඟුරු ටෙන්ඩර් මාර්ගෝපදේශ අනුව මෙය අවම වශයෙන් 5900 විය යුතු බවත් මන්ත්‍රීවරයා චෝදනා කරමින් එහිදී පැවසීය.