WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ත්‍රී රෝද රථ හොරට ඉස්සූ තුනක් මාට්ටු

2026 January 12- Page Views : 22

රුපියල් කෝටියකට අධික වටිනා සොරා ගත් ත්‍රී රෝද රථ 11 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

මිරිහාන පොලිසි ස්ථානයට වාර්තාව තිබූ ත්‍රී රෝද රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී එම ත්‍රී රෝද රථය කුරුවිට ප්‍රදේශයේ තිබි පුද්ගලයකු සමග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙ ඇත.

එහිදී සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී යටියන්තොට බලන්ගොඩ බදුල්ල හා බත්තරමුල්ල ප්‍රදේශවලදී සැකකරුවන් විසින් සොරා ගත් තවත් තීරෝද රථ දහයක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගත් බව පොලිසිය කියයි

එම තීරෝද රථ සොයා ගන්නා අවස්ථාවේදී සැකකරුවන් ඒවායේ වර්ණය හා කෙසිය අංක මෙන්ම අංක තහඩු වෙනස් කර ව්‍යාජ ලීව ලිපි ලේඛන ද සකස් කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30-46 පසුවන කැලණිය අම්බලන්තොට පරකඩුව පදිංචිකරුවෝය.