WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආණ්ඩුව රට විනාශ කරන හැටි මම ට්‍රම්ප්ට කියනවා" - මිහින්තලේ නායක හිමියන්ගෙන් ප්‍රකාශයක්

2026 January 14- Page Views : 24

රජය විසින් ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැඩි ලෙස විවේචනය කරමින් මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එහිදී උන්වහන්සේ පවසා ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග තමන්ට පෞද්ගලික සම්බන්ධතා පවතින බවයි.

එබැවින් අවශ්‍ය වුවහොත් ඔහු මුණගැසී වත්මන් රජය රට විනාශ කරන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට තමන් සූදානම් බව ධම්මරතන හිමියන් පවසනවා.

රජය ගෙන එන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් මෙරට අධ්‍යාපන පද්ධතියට හානි සිදුවන බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.

තමන්ට ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසීමට හැකි මාර්ග පවතින බවත්, එම සබඳතා හරහා ජාත්‍යන්තර අවධානය මේ වෙත යොමු කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා.

මේ අතර වත්මන් පාලනය රටේ සම්පත් සහ අනාගත පරපුරේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවයි නායක හිමියන් චෝදනා කරන්නේ.

මෙම ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍ය සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්වෙමින් පවතිනවා.