WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බූස්ස බන්ධනාගාරයේ කලහකාරි සිද්ධියට සම්බන්ධ රැඳවියන් 06ක් මාරු කෙරේ

2026 January 17- Page Views : 10

බූස්ස බන්ධනාගාරයේ ඇති වූ කලහාකාරි සිද්ධියට සම්බන්ධ රැඳවියන් 06 දෙනෙකු බන්ධනාගාර 03ක් වෙත මාරු කර යවා තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක කියා සිටියේ ඔවුන් අඟුණුකොළපැලැස්ස, කුරුවිට සහ කළුතර යන බන්ධනාගාර වෙත යොමු කළ බවයි. එමෙන්ම, ඊයේ ඇති වූ මෙම කලහකාරි තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ක්‍රියාත්මක බවත්, ඔහු සඳහන් කළා. රැඳවියන් පිරිසක් බූස්ස බන්ධනාගාරයේ ඩී අංශයේ වහළය මත නැගී මෙලෙස කලහකාරි ලෙස හැසිරී ඇත්තේ බන්ධනාගාර පරිපාලනයට එරෙහිවයි.