WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දෙහිවල හෝටල් හිමිකරු ඝාතනය කළ වෙඩික්කරු හඳුනා ගැනීමට මහජන සහය පතයි

2026 January 17- Page Views : 9

දෙහිවල ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනු ලබනවා. පසුගිය 09 වන දින දෙහිවල, මුහුදුබඩ පාරේ පීටර්ස් පටුමගෙහි පිහිටි හෝටලයක් තුළදී එහි හිමිකරු වෙඩි තබා ඝාතනය කළ සිදුවීම අදාලව විමර්ශනවලදී සාක්ෂිකරුවන් ලබාදුන් විස්තරවලට අනුව, අපරාධය සඳහා පැමිණි වෙඩික්කරුගේ ඡායාරූපයක් කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය භාවිතා කරමින් සකස් කර ඇති අතර එය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ස්ථානාධිපති (ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය): 071 859 6408