2025 වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන්
2026 January 18- Page Views : 3
පසුගිය වසරේ මෙරටට විදේශ සංචාරකයින් මිලියන 2.3ක ප්‍රමාණයක් පැමිණ ඇති බව සංචාරක අධිකාරිය පවසයි.
ඊට වැඩිම දායකත්වයක් ඉන්දියානු සංචාරකයින් ලබාදී ඇති අතර එම සංඛ්‍යාව 531,511ක් වන අතර එය 2024 වසරට සාපේක්ෂව 114,000ක වැඩිවීමකි.
බ්‍රිතාන්‍ය සංචාරකයින් 212,277 දෙනෙකු 2025 වසරේදී මෙරටට පැමිණ ඇත.
දෙසැම්බර් මාසයේදී ඉන්දියානු ජාතිකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 56,715කි.
අවම ප්‍රමාණයක් පෙබරවාරි මාසයේ පැමිණ ඇති බවත් එම ප්‍රමාණය 35,000ක් වන බවත් සංචාරක අධිකාරිය සඳහන් කරයි.
සමස්තයක් ලෙස දෙසැම්බර් මාසයේ සංචාරකයින්ගේ පැමිණිම ඉහළ ගොස් ඇති අතර එම සංඛ්‍යාව 258,928ක් වේ.
යුරෝපා සහ ආසියානු පැසිෆික් කලාපයේ සංචාරකයින් සියයට 92.7ක ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති අතර ඒ සඳහා යුරෝපයේ දායකත්වය සියයට 51.3ක් වන බව සංචාරක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.