චීන සංචාරය සාර්ථක හා ජයග්‍රහණ රැසක් හිමිවූ සාර්ථක සංචාරයක් - ට්‍රම්ප්
2026 May 16- Page Views : 12
චීන සංචාරය සාර්ථක හා ජයග්‍රහණ රැසක් හිමිවූ සංචාරයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සංචාරය නිමවා නැවතත් ධවල මන්දිරය වෙත පැමිණෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා පසුගිය 13වැනිදා චීනයට ළඟා විය.
එහි දෙවැනි දිනය වූ ඊයේ දින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ෆොක්ස් පුවත් සේවය තොරතුරු වාර්තාකර තිබුණි.
ඒ අනුව සාකච්ඡා වට රැසකින් අනතුරුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් අමෙරිකාව බලා පැමිණ තිබේ.
නැවතත් ධවල මන්දිරය වෙත පැමිණීමේදී සිය චීන සංචාරය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ එය ඉතා සාර්ථක සංචාරයක් වන බවය.
කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සංචාරය සාර්ථක සංචාරයක් වුවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් චීන ජනාධිපතිවරයාට උණුසුම් වචන රැසක් හිමිවූ සංචාරයක් බවය.
මැද පෙරදිග යුද්ධයට මද විරාමයක් එක් කරමින් පවතින සටන් විරාම කාලය තුළදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ගේ චීන සංචාරය ලෝකයේ කාගේත් අවධානය දිනාගත්තේය.
මැද පෙරදිග යුද්ධය නිමා කිරීම සඳහා රුසියාව සහ චීනය ඉතා වැදගත් හේතු සාධක වනු ඇති බවට දේශපාලන විචාරකයින් අදහස් පළකර තිබුණි.
මෙවන් පසුබිමක ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය දින 45කට දීර්ඝ කළ බව ද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර නවතම ගණනය කිරිම් අනුව මාර්තු 2වනදා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් සංඛ්‍යාව 2,951දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.