WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගැටලුවක් වූ තඹුත්තේගම පොහොර සාම්පල පරීක්ෂාවට යොමුකෙරේ 

2026 May 16- Page Views : 13

තඹුත්තේගම ගබඩාවකින් ගෙනැවිත් රඹෑව ගොවිජන මධ්‍යස්ථානයට ලබාදී ඇතැයි පැවසෙන, 2019 වසරේ නිෂ්පාදිත MOPපොහොරවල සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමුකර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පවසයි.

එම පොහොර භාවිතයට සුදුසුද නැද්ද යන්න ප්‍රකාශ කළ හැක්කේ සාම්පල පරීක්ෂාවෙන් පසුව බව ඔහු වැඩිදුරටත් පවසයි.

අනුරාධපුර මහ කනදරාව ප්‍රදේශයේ රඹෑව ගොවිජන සේවා බලප්‍රදේශයට අයත් පණ්ඩුකාභයපුර ගොවීන්ට, 2019 වසරේදී සහනාධාර ලෙස ලබාදීමට වෙන්කළ පොහොර තොගයක් මෙලෙස ලබාදී ඇති බවට ඊයේ චෝදනා එල්ලවී තිබේ.

තඹුත්තේගම ගබඩාවකින් ගෙනැවිත් රඹෑව ගොවිජන මධ්‍යස්ථානයට ලබාදී ඇති එම MOP පොහොර 2019 වසරේදී මෙරටට ගෙන්වා ඇති ප්‍රමිතියෙන් තොර කල් ඉකුත්වූ පොහොර බව ගොවීන් චෝදනා කර ඇත.

මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා,

"අනුරාධපුරයේ බෙදපු පොහොර සම්බන්ධයෙන් අපි කඩිනමින්ම අපි අනුරාධපුර පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මගින් සාම්පල් ලබාගෙන කොළඹට යොමු කරලා තියෙනවා. අපි කඩිනම්න් ඒ සාම්පල් පරීක්ෂා කරනවා. අපිට යමක් කියන්න වෙන්නේ මේ පොහොර සාම්පලේ පරීක්ෂා කරලා. පොහොර සමාගමේ විමසීමේදී සඳහන් කළේ, කැනඩාවෙන් 2022 ආනයන කරපු පොහොර කියලා. එතකොට ඒ 22 ආනයනය කරපු පොහොරවලට අපි සාම්පල් පරීක්ෂාවක් කරලා අවසරය කලින් අපි දීලා තිබුණා. කෙසේ වෙතත් මේ පොහොරවලත් කෙටි කාලයක් තුළ සාම්පල් පරීක්ෂා කරලා කියන්න පුළුවන් ඒවා මොන තත්ත්වයකද තියෙන්නේ කියලා"