ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 October 13- Page Views : 26 ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී ගුවන් යානයක් පියාසර කරමින්, ලෙබනනයට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පෙර, මොහොමඩ් බකර් කලිබාෆ්, ඉරාන ගුවන් හමුදාවේ, ගුවන් නියමුවකු ලෙස සේවය කළ අයෙකි.
මොහොමඩ් බකර් කලිබාෆ්, සමඟ එම ගුවන් යානයෙන් ඉරාන රජයේ නියෝජිත පිරිසක් ද බේරූට් අගනුවර බලා පැමිණි බව විදෙස් මාධ්‍ය පවසයි. ඔවුහු ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වුණු බේරූට් නුවර තත්ත්වය දැක බලා ගත්හ.