WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

Local News

ඉන්දීය තරුණ විරෝධතාකරුවන්ගේ අභියෝගයට මුහුණදීමට මෝදිගෙන් අපූරු උපායක්

ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් සහනයක්: තීරුබද්ද 10% දක්වා අඩු වෙයි

රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි

මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු

වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් 'අපරාධ නීතිය' යටතේ කොටුකර ගැනීමට සැරසෙයි 

හොර පාරෙන් ගෙනා ලක්ෂ ගාණක චීන දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙකු මාට්ටු

එල් -නිනෝ ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රයට ජාත්‍යන්තර උසස් වීමක්

ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට පැලවත්තේ නිවසකින් ගිනි අවියක් හමුවෙයි

මාතර, දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට නාඳුනන වෙඩික්කරුවෙකු විසින් වෙඩි තබා පලා ගිය මෝටර් රථය දික්වැල්ල ප්‍රදේශයේ දී සොයා ගෙන තිබේ. ඊයේ (22) රාත්‍රියේ නව බෙලිඅත්ත මාර්ගයේ මෝටර් රථයක් නවතා තිබී ඇති අතර, එය පරීක්ෂාවට උත්සාහ කිරීමේ දී රියදුරු විසින් නොනවත්වා ධාවනය කර ඇත. පසුව මෝටර් රථය කාණුවකට වැටී නැවතී ඇති අතර, එහිදී රියදුරු පලාගොස් ඇතැයි අද දෙරණ කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේය. පසුව සිදුකළ පරීක්ෂාවේ දී අදාළ මෝටර් රථය දෙවුන්දර වෙඩිතැබීමට පැමිණි මෝටර් රථය බවට පොලීසියට තහවුරු වී තිබේ. ඊයේ අලුයම මෝටර්රථයකින් පැමිණි පිරිසක් විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබුණි. ගන්දර පොලිස් වසමේ ඒදණ්ඩ පාර දෙවිනුවර පිහිටි ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ නිවසකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය. වෙඩික්කරුවන් මෝටර් රථයකින් පැමිණ වෙඩිතබා පලා යන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

දෙවුන්දර වෙඩි තැබීමට ආ මෝටර් රථය දික්වැල්ලෙන් සොයාගනී

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ