ඉන්දුනීසියාවට ට්‍රම්ප්ගෙන් තීරු බදු සහනයක්
2025 July 16- Page Views : 6 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දුනීසියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 19%ක තීරුබදු පනවා තිබේ.
අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාව සමග නව ගිවිසුමක් යටතේ ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඒ අනුව මීට පෙර සඳහන් කර තිබූ 32%ක තීරු බදු පැනවීම 19% දක්වා අඩු කිරීමට ට්‍රම්ප් තීරණය කර තිබේ.
ඉන්දුනීසියාව අමෙරිකානු බලශක්ති සහ කෘෂිකාර්මික නිෂ්පාදන මෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා බෝයිං ජෙට් යානා මිලදී ගැනීමට එකඟ වීමෙන් පසුව ට්‍රම්ප් විසින් මෙම සහනය ලබාදී ඇත.